BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • PTA protest

    PTA වෙනුවට ගේන්න යන PSTA පනත් කෙටුම්පතේ ඇතුළත් ඔබ දැනගත යුතු ම කරුණු

    දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (Protection of the State from Terrorism Act - PSTA) ලෙස නම් කර ඇති එම පනත හඳුන්වා දුන් අවස්ථාවේ සිට ම සමාජයේ ඇතැම් පාර්ශව තුළින් විරෝධයක් එල්ල වූ අතර රජය එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

  • Eating together

    අන් අය සමග එකට වාඩි වී ආහාර ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ

    අප මෙහි සාකච්ඡා කරන්නේ නවීනතම ආහාර පාලන ක්‍රමයක් ගැන නොව මානව වර්ගයාගේ ඉතා පැරණි පුරුද්දක් පිළිබඳව ය: එනම් අන් අය සමග එකට වාඩි වී ආහාර ගැනීමේ ක්‍රියාවලියයි. "ආහාර බෙදා හදා ගැනීම කියන්නේ අන් අය සමග බැඳීම් ඇති කර ගැනීමට, විශ්වාසය ගොඩනගා ගැනීමට සහ අනෙක් අය සමග සම්බන්ධවීමට ඇති අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ චර්යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝ-එමානුවෙල් ඩි නීව් පවසයි. එය අපගේ යහපැවැත්මට ප්‍රබල බලපෑමක් ඇති කරයි.

  • TIN Sri Lanka

    නොවැම්බර් 01 දා සිට TIN සහතිකය නැතිව කරන්න බැරි වැඩ මොනවා ද?

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ, '2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් වන හෝ 18ට වැඩි සියලු ම වාසික පුද්ගලයින් මෙන් ම 2024 ජනවාරි 01 දින හෝ එදිනට පසු වයස අවුරුදු 18ට එළඹෙන වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Tax Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්ය බව ය.

  • Adelle Overton looks lovingly at her boyfriend Steven Uden, who is smiling at the camera

    'නිදාගෙන සිටිද්දී මගේ සහකරු මාව දූෂණය කරනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ'

    ඇඩෙල් ඔවර්ටන්ගේ 13 වසරක පෙම්වතා වූ ස්ටීවන් ඌඩ්න්, යහපත් සහකරුවෙකු ලෙස පෙනී සිටියේ ය. ඔවුන් හමුවී තිබුණේ, සොම්බි චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර ය. ඔවුන් බොහෝ දේ සම්බන්ධයෙන් සමාන අදහස් දැරූ දෙදෙනෙකු වූ අතර, ඌඩ්න් කරුණාවන්ත සහ ආදරණීය කෙනෙකු බවත්, තමන් ආබාධිත තත්ත්වයට පත්වූ පසු තමා රැකබලා ගැනීම සඳහා ඔහු රැකියාව ද අත්හැර දැමූ බවත් ඇය පවසයි. "ඔහු අපූරු කෙනෙක්. මම ඔහුට ගොඩක් ආදරය කළා. මම තවමත් ටිකක් එහෙම කරනවා කියලා හිතනවා," ඩර්බිහි තම නිවසේ සෝෆාවක වාඩි වී සිටින ඔවර්ටන් පවසයි.

  • සුරේෂ් සලේ

    සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවූ දේ

    අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා තවදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එහි මූලික කරුණු සලකා බැලීමෙන් පසු එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය කල් තබා ඇති බවත් ය.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • ඇසට නොපෙනෙන  ජීවින් විශාල කර පෙන්වා  අතර අභ්‍යවකාශ ඇඳුමක් පැළඳ සිටින පුද්ගලයෙකු පෙනේ
  • දරුවන් මේ තරම් Perfectionism පස්සේ යන්න ඇත්ත හේතුව මොකක් ද?
  • පුද්ගලයෙක් විශාල වළඳක් අසල ආහාර සකස් කරයි.
  •  තරුණයෙක් රොබෝලා දෙදෙනෙකු සමග නටයි
  • මීටර් 100ක් උසින් ආරක්ෂක පටි රහිතව කාන්තාවක් රැහැනක් මත ඇවිද යයි
  • ගොඩනැගිලි අතරින් ගිනිකෙලි සංදර්ශනයක් පෙනේ.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි 25 දෙනෙකු බේරාගත් අයුරු
  • මාර්ගයක සටන් පාඨ කියමින් ගමන් කරන පිරිසක් පෙනේ.
  • ඇමෙරිකානු සහ චීන ජනාධිපතිවරු රතු පලස මත ගමන් කරයි
  • පාසල් යන පිරිමි ළමුන් දෙදෙනෙක් කුඩා ඉහලාගෙන යන අතර ඊට පහලින් කාන්තාවක් කතා කරන ආකාරය පෙනේ.
  • තට්ටු නිවාසයක ගස් සිටුවා ඇති ආකාරය පෙනේ.
  • බස් රථයක විදුරුවේ දැල් අතරින් පුද්ගලයින් දෙදෙනෙක් පෙනේ

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය.

    අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?

    යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය. පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.

  • ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ස්ථානගත කර ඇති ඉරානයට අයත් නෞකා

    'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ

    “ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”

  • නාමල් රාජපක්ෂ

    එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂට ඇප ඉල්ලීමේදී ඉදිරිපත් වූ කරුණු

    SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 18) නියම කළේ ය.

  • දරුවන් දෙදෙනෙකු සමග සිටින නිලධාරියෙක්

    දරුවන් සම්බන්ධ රැකියාවක් අවශ්‍ය නම් මේ සහතිකය අනිවාර්ය යි? එය ලබාගන්නේ කෙසේ ද?

    දරුවන් සමග ඍජුව සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ළමුන් පිළිබඳ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවෙකු නොවීම එම රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් ලෙස නම් කිරීමට රජය පියවර ගනිමින් සිටියි. තව ද, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින දරුවන් සමග සම්බන්ධ වන රැකියාවල නිරත රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ රැකියාව ඉදිරියට කරගෙන යාමේදී මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.

ජනප්‍රිය ලිපි